ළිහිණින් රෑන පියා සලන්නේ - ප්‍රියා සූරියසේන | Lihinin rena piya salanne - Priya Sooriyasena


ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ
ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගග දිය හඬන්නේ
විහඟුන් සිතන්නේ
නුඹ කොතැනකද කියලා
නුඹ කොතැනකද කියලා
පෙර සේ මා සොයාලා
මහදේ ගිණි නිවාලා
ගමට එන්න ඇවිත් යන්න රත්තරං

ළිහිණින් රෑන පියා සලන්නේ...

මට හිමි මනාළී
පිටගම් ගියාවේ
විරසක නොවෙමු කියලා
විරසක නොවෙමු කියලා
සංසාරේ කොහේ හෝ
ඉපදී මුණ ගැහීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරං


ළිහිණින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ

සිහිනෙන්වත් නුඹ නෑ පෙනෙන්නේ ///


ගායනය - ප්‍රියා සූරියසේන
තනුව - සරත් දසනායක
පද - ධර්මරත්න පෙරේරා


Comments