සඳ නැතුවට - චන්ද්‍රිකා සිරිවර්ධන | Sanda nathuwata - Chandrika Siriwardena


සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ
පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
මල නැතුවට මට සුවඳින්
බිඳුවක් අඩු නෑ
බිඳුවක් අඩු නෑ

පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ

නෙතු කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තිබේ
නෙතු කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තිබේ
ඔබ මා ළඟ සිටිනා තුරු
මට තනියක් නෑ
මට තනියක් නෑ

පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ


ගායනය, සංගීතය - චන්ද්‍රිකා සිරිවර්ධන
ගී පද - ඇන්ටන් අල්විස්



Comments