ඉගිල්ලිලා යන්න යං - චන්ද්‍රිකා සිරිවර්ධන | Igilliya yanna yan - Chandrika Siriwardena


ඉගිල්ලිලා යන්න යං
කෝ පිහාටු නෑ අනේ
මූදු හතේ යන්න යං
රුවල් හබල් නෑ අනේ
රජෙක් වෙන්න යන්න යං
ඉහට ඔටුනු නෑ අනේ
අහංකාර විලම්බීත ඇයි

ඉරු දේවයා වැඩියොත් තමා
බොල් පිණි කැට සැඟවී යන්නේ
සඳ දේවයා වැඩියොත් තමා
ඝණ අඳුරේ පාළුව මැකුනේ
රජ මාළිගේ පොඩි පැල්පතේ
මිනිසුන්මය ඉපදී ඉන්නේ
ඒ කාරණා නොදනී මෙදා
ඇයි නොමිනිස්කම් මතුවෙන්නේ

ඉගිල්ලිලා යන්න යං...

අද ඉන්නවා හෙට යාවීදෝ
නෑ ඒ බව කිසිවකු දන්නේ
මහ සත් මහල් මැදුරින් පවා
මහ පොළවයි උරුමය වෙන්නේ
මතබේදයෙන් අමනාපකම්
ඇයිදෝ දිගටම ගෙනයන්නේ
අපි යාළුවෝ අපි යෙහෙළියෝ
නෑ නෑ අපි තරහා වෙන්නේ

ඉගිල්ලිලා යන්න යං...



ගායනය - චන්ද්‍රිකා සිරිවර්ධන
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - අජන්තා රණසිංහ


Comments