දිල්හානී දුවණී - ඉන්ද්‍රාණි පෙරේරා | Dilhani Duwani - Indrani Perera


දිල්හානී දුවණී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය වී
නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැක ගන්න
වාසනව මට ගෙන දුන් දියණී
සුරතල් දිල්හානී

රං ඔන්චිල්ලේ ඇයව හොවාලා
පදවන්නට සිතුණා
රං තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුණා

රංවන් තටු ඇති සමනළයින් දැක
ඇයගේ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිපගන්නට සිතුනා

දිල්හානී දුවණී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය වී
නාඬා නිදියන්නේ

ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන



Comments