උදාවෙන්න මේ රාත්‍රියේ - බණ්ඩාර අතාවුද | Udawenna me rathriye - Bandara Athauda


උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උයනේ පීදී සුවඳින් නෑවී
උයනේ පීදී සුවඳින් නෑවී
කැකුළක් ලෙසේ කේතකී
මා වෙත එයි ඈ පෙර මග සරසා
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ...

දියඹේ බිහි වී වෙරළේ මියැදී
දියඹේ බිහි වී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ...


ගායනය - බණ්ඩාර අතාවුද
තනුව - රෝහණ වීරසිංහ
ගී පද - බන්දුල නානායක්කාරවසම්


Comments