රොනට වඩින බිඟු ඔබයි - ලතා වල්පොල | Ronata wadina bingu obai - Latha Walpola


රොනට වඩින බිඟු ඔබයි
කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිඟිති පෙති මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

පහන් දොරට හිරු ඔබයි
කුමුදිනිය මමයි
රැයට දිළෙන හඳ ඔබයි
හඳට රැය මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

විලට වසින පිණි ඔබයි
පද්මිණිය මමයි
සුළඟ සළන සිරි ඔබයි
ලලිතිණිය මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී

දියට මුහුද දෙවි ඔබයි
ගලන ගඟ මමයි
දිගත පතල ජල ඔබයි
නගින රළ මමයි
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී
ජේසූ දෙවියනී ජේසූ දෙවියනී


ගායනය - ලතා වල්පොල
සංගීතය - මර්සලින් ජයකොඩි පියතුමා
ගී පද - මර්සලින් ජයකොඩි පියතුමා


Comments

  1. මෙහි මුල් ගැයුම ගැයුම, පදරචනය, සහ සංගිතයත් ගරු පියතුමාගේ.. මම ඒගැන අස්වැන්නේ සටහන්කරල තියෙනවා.ඉන් පදුව දෙවන වතාවට චිත්‍රාසෝමපාල ගැයුවා..ඉන්පස්සේ තමයි ලතා ගයා ඇත්තේ..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...