ඉරට අකීකරු - ඉන්ද්‍රාණි පෙරේරා | Irata akeekaru - Indrani Perera


ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී

එකමත් එක රටකින් ඔහු ඒවී
ඔබ ගෙන ඈතට යන්නට යාවී
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
කදුළැලි ගඟ ළඟ ඉකි බිඳ නාඩන්
රෝස කැලේ රතු කැකුළී

ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී

දෙතොලේ පොපියන ගීය ගයන්නට
දෑසේ නළියන කඳුළු සලන්නට
ලස්සන දවසක් හෙට හමුවේවා
ලස්සන දවසක් හෙට හමුවේවා
රෝස කැළේ රතු කැකුළී

ඉරට අකීකරු හඳට අකීකරු
රෝස කැලේ රතු කැකුළී


ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - සරත් දසනායක

Comments

  1. පද : සුනිල් ආරියරත්න
    සංගීතය : සරත් දසනායක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...වෙනස් කලා

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...