මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක | Mata asai hinahenna - Anjalin Gunathilaka


මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ

හැමදාම එකවාගෙ නැති ජීවිතේ
මල් පාට මල් හීනයක් ජීවිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ

දියමන්තියක් සේම පාටින් දිලේ
එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ


ගායනය - ඇන්ජලින් ගුණතිලක
තනුව - ප්‍රේමසිරි කේමදාස
පද - අජන්තා රණසිංහ
විත්‍රපටිය - හිඟන කොල්ලා (1979)



Comments