ගීයෙන් ගයන්නෙ ඔබ ගැන - ෂර්ලි වෛජයන්ත | Geeyen gayanne oba gena - Shirley Waijayantha


ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවාවී
ඒ මිහිකතගෙන් සමුගන්නට හෙට යලි ඒවී
ඒ ලෙසකින් හැකිනම් ඔබ මා සිතට මුවා වී
හිනැහෙන්න ළඳේ සැමදා අප සිත් සැනසේවී

ගීයෙන් ගයන්නෙ ඔබ ගැන පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්

පෑයූ ඉර සඳු එලියයි ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට හමුවෙමු හද ගිමන නිවාලූ
පායන්න හැකිද සඳ සේ ඝණ අඳුර මකාලූ
ඒ සඳ තරු යට අපගේ පෙම් පවස නිවාලූ

ගීයෙන් ගයන්නෙ ඔබ හට පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුණු ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්


ගායනය, සංගීතය, ගී පද - ෂර්ලි වෛජයන්ත



Comments