එගොඩහ ගං ඉවුරේ - ශාලිත අබේවික්‍රම | Egodaha gan iwure - Shalitha Abeywickrama


එගොඩහ ගං ඉවුරේ
නිරුතුරු හමු වූයේ
නෙතගින් දෙඩුවා
මුවගින් සිනහා
දහසක් පැතුමන් එක්වූවා

රහසින් මුමුණා දෑසින් සනහා
මාගේ සිතුවිලි නැවුම් කලා
අපට උරුම වූ දහසක් පැතුමන්
අපගේ හදවත් පුබුදු කලා

එගොඩහ ගං ඉවුරේ...

මීදුම් අතරින් සඳ නැග එන විට
නෙළුම් මලේ පෙති සිඳී ගියා
කාලය අතරින් අප දිව යන විට
ඔබ මට සමු දී ඉවත ගියා

එගොඩහ ගං ඉවුරේ...


ගායනය, සංගීතය - ශාලිත අබේවික්‍රම
ගී පද - ශ්‍යාමි තිසේරා



Comments