අඳුරු කුටිය තුල - ටී.එම්.ජයරත්න | Anduru Kutiya Thula - T.M.Jayarathne


අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ

පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...

බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..

සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........

අඳුරු කුටිය තුල....//

කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........

අඳුරු කුටිය තුල....//

ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

Comments

  1. සංගීතය : ප්‍රේමසිරි කේමදාස

    ReplyDelete
  2. V.nice blog and lot of hard work. Thanks for uploading such a great song. As you show interest for more info about the songs that you post, here is some background info about this song:
    this is a song inspired by the verse #11 of Mahakavi Ravindranath Thakur's "Gitanjali".

    ReplyDelete
  3. මිනිසුන්ගේ ඇස් ඇරවන ගීතයක්... සැබවින්ම නැවත නැවතත් සිතා බලන්න ඔබ ඉන්නේ කොතරම් මුලාවකද කියා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...