තාත්තා වගේ - හර්ෂන දිසානායක | Thaththa Wage - Harshana Dissanayake


තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ..
අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ..
නුඹෙ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ..
හිතලද වැරදිලද කියපන් ඇත් රජුනේ...

මා ඔය දිගේ නුඹෙ මඩ සෝදා ඇරලා
පොල් බොඩ කිතුල් බොඩ නුඹ වෙනුවෙන් හොයලා
ලද සොච්චමට වැඩියෙන් දහදුක් විදලා
අප සැප බැලුවෙ නුඹෙ කුස ගිනි නිවලා...

තාත්තා වගේ නුඹ ගැන...//

බත්පත ඉදෙන විට පින් දුන්නේ නුඹට..
බඩගිනි දැනෙනවා දැන් වැඩියෙන් අපට..
ආවොත් අප්පච්චි ආයෙත් අපෙ ලොවට..
අප ගාවට කලින් එන්නේ නුඹ ලඟට...


ගායනය - හර්ෂන දිසානායක
සංගීතය - සුනිල් දයානන්ද කෝනාර
ගී පද - ජයතිලක දිසානායක



Comments