පූජාසනයේ ඔබ හිඳුවා - නන්දා මාලිනී | Poojasanaye oba hinduwa - Nanda Malini


පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා

ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ

පූජාසනයේ...

කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ

පූජාසනයේ...


ගායනය - නන්දා මාලිනී
ගී පද - සුනිල් ආරියරත්න
සංගිතය - එච්.එම්. ජයවර්ධන



Comments

  1. මේ ගීතයේ සංගීතය මර්වින් පෙරේරා මහතාගේ.

    ReplyDelete
    Replies
    1. වැරදුණා. සංගීතය එච්. එම්. ජයවර්ධනයන්ගේ.

      Delete
    2. ස්තූති වේවා!

      Delete
  2. සංගීතය - එච්. එම්. ජයවර්ධන

    ReplyDelete
    Replies
    1. අලුත් කරන්න ප්‍රමාද වුණත් ස්තූති වේවා!

      Delete
    2. අලුත් කරන්න ප්‍රමාද වුණත් ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...