එදා ඔබ මෙහි - නිර්මලා රණතුංග | Eda Oba Mehi - Nirmala Ranathunga


එදා ඔබ මෙහි නොආවා නම්
නෑ මෙවන් දුක් වේදනා..
අළුත් පාසල් වාරයේ...
අළුත් සිසුවෙකු සේ...

කෝල බැල්මෙන් සසල දෙනෙතින්
සැලී ඔබ ආ මුල් දිනේ...//
නුහුරු ඇසුරක මැදිව අසරණ 
නෙතින් මා වෙත බැලූ වේලේ..
ඔබේ දෙස මා නොබැලුවානම්
නෑ මෙවන් දුක් වේදනා..
නෑ මෙවන් දුක් වේදනා..

මගේ හදවත පිදූ මුත් මම
ඔබේ ලොව තනියට එදා...//
මගේ තනියට නොමැත අද ඔබ
සිටින ඒ ලොව ජය ලබා...

එදා ඔබ මෙහි...//

ගායනය : නිර්මලා රණතුංග
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ


Comments