ආරොන් මාමා - ෆ්‍රෙඩී සිල්වා | Aaron Maamaa - Freddie Silva


ආරොන් මාමා...

ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ

ආරොන් මාමා

රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා
මිනිහ දඬු පඬු ගහලා බිත්තිය අයිනට දුව පැන්නා
ජර මර සද්දෙට කණ දීගෙන උන්නා

ආරොන් මාමා

ගහපිය මරපිය ඔළුවට කොටපිය පාළි සංස්කෘත කිව්වා
සාතන් අප්පුගෙ කොළුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නැහැනේ මිනිහෙක් මැරුවා වාගෙයිනේ
මුළු ගමටම අණබෙර ගහමින් දිව්වා

ආරොන් මාමා

සාතන් අප්පූ මිනිහෙක් මැරුවා ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා
ගමම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලූවා

ආරොන් මාමා

කාවද මැරුවේ කියපිය කියලා සාතව අල්ලල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක් ගෙයි මැද සාලෙන් තිව්වා
ඔළුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැනලා දිව්වා

ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ

ආරොන් මාමා



ගායනය - ෆ්‍රෙඩී සිල්වා
සංගීතය - ෂෙල්ටන් පෙරේරා
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

Comments

  1. කොහෙද යන 'හඩ්ඩෙක්' උගේ 'හඩු කම' පෙන්වමින් ප්රෙමකීර්තිව මරා නොදමුවානම්, අදටත් මේ මිනිහා, අපිට උපකල්පනය කරන්න බැරි, මහා අමුතු සංකල්පනා වලින්, අපේ මනස පුරවමින්, අපිව ගී රස විදීමේ කාර්යයේ දියුණු මිනිසුන් බවට පත් කරනවා.

    ඇත්ත වශයෙන්ම ප්‍රේමකීර්ති මියයාමෙන් පස්සේ ගායක ගායිකාවන් රැසක්ද නිර්මානාත්මක වශයෙන් මිය ගියා. ඒ අය ගීත ලෝකයෙන් ඈත් වුනේ මේ මිනිහාගේ නිර්මාණ උල්පත සිඳීගිය නිසයි. එහි අනෙක් ප්‍රතිඵලය වුනේ මහා ගායකයන් ගීත රචකයන් ලෙස අද පෙනී සිටින පුස්සන් රන්චු පිටින් වල් හෙළුවැලි ගී සමග පිස්සු නැටීමට පටන් ගැනීමයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත... ෆ්‍රෙඩී වගේම වික්ටර්, මර්වින්, අබේවර්ධන වගේ ගායකයො ගණනාවක්ම ප්‍රේමකීර්ති මියගියාට පස්සෙ වියැකිල ගියා. කරපු ටික සුපිරි නිසා අපි තාමත් අහනවා...

      ‍ෆ්‍රෙඩීගෙ මේ වගේ සින්දු දැන් ඇහෙන්නෙම නෑ වගේ. ආදරේ ගැන ඇරුණම වෙනත් දේවල් ගැන ගායනා කරපු ඇන්ටන් ජෝන්ස්, නිහාල් නෙල්සන් වගේ අයගෙ සින්දුත් එහෙමයි.

      මේ සින්දුව කියවෙන විධිය මාර ලස්සනයි. සින්දුව පුරාම උපහාසයත් එක්ක මිශ්‍රවුණ ලයිව් ගතියක් තියෙනවා. ඒ ගතිය තියෙන්නෙ ෆ්‍රෙඩීගෙ සින්දු වල විතරමද කොහෙද...

      Delete
  2. මටත් මේ ගැන පොඩ්ඩක් ලියන්න හිතුනා ....මොකද මේවා දකිද්දී අපට මොනවා හරි නොලිය ඉන්න බැහැ ...

    ප්‍රේම කීර්ති ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ ....නොම්බර එකේ සින්දු ලියපු කෙනෙක් ...ප්‍රෙඩී ගැන මට මෙතනදී කියන්නම් ඕනේ ..ඔහුගේ සිනමා ජීවිතය හරිම හාස්‍යයට බරයි.ඒ වගේම අපට නොකිය ඉන්න බැහැ ඔහුගේ ගීත ගැනත් ...ඉතින් ලංකාවම සිනහවෙන් රස ගැන්වූ ඔහු ගැන කතා කරන්නේ කවුද ?
    මහලොකු උපහාර ගුණකථන තියෙන අපේ රටේ මේ තරම් අහිංසක කලාකාරයෝ ගැන කතා කරන්නේ කවුද ?මා දන්නා තරමින් ප්‍රඩිගේ අවසාන කාලය ඉතාමත්ම දුක්බර කාලයක් ...ඉතින් ලංකාවේ මෙහෙමලු ....කියන්න වෙන්නේ අවසානෙට ....

    ReplyDelete
  3. ආරොන් මාමා...

    ආරොන් මාමා වයසක මිනිහෙකි ඉපදුණ අපෙ ගම්මානේ
    මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
    නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
    දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ

    ආරොන් මාමා

    රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා
    සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා
    මිනිහ දණි පණි ගන්නා බිත්තිය අයිනට දුව පැන්නා
    ජර මර සද්දෙට කණ දීගෙන උන්නා

    ආරොන් මාමා

    ගහපිය මරපිය ඔළුවට කොටපිය පාළි සංස්කෘතත් කිව්වා
    සාතන් අප්පුගෙ කොළුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා
    කිසි සැකයක් දැන් නැහැනේ මිනිහෙක් මැරුවා වාගෙයිනේ
    මුළු ගමටම අණබෙර ගහමින් දිව්වා

    ආරොන් මාමා

    සාතන් අප්පූ මිනිහෙක් මැරුවා ආරොන් ඩොලාට කිව්වා
    ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා
    ගමම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා
    කඩු පොලු අරගෙන ගෙය වැටලෙවුවා

    ආරොන් මාමා

    කාවද මැරුවේ කියපිය කියලා සාතව අල්ලල ඇහුවා
    මිනිහා හිනැහී මරාපු පොළඟෙක් ගෙයි මැද සාලෙන් තිව්වා
    ඔළුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳ යට මාගේ
    ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැන දිව්වා

    ආරොන් මාමා වයසක මිනිහෙකි ඉපදුණ අපෙ ගම්මානේ
    මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ
    නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ
    දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ

    ආරොන් මාමා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...