තැටිය මැද්දේ කළු කරාපු - එම්.එස්. ප්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල | Thatiya medde kalu karapu - MS Fernando, HR Jothipala



තැටිය මැද්දේ කළු කරාපු
පහන් තිරය මැදට ආපු
හනුමන්ටත් පුදුම හිතෙනවා
රාමාටත් බැරි උණාවු
මහ වැඩකට පෙලඹුණාවු
අපි දැකලා එයා අඬනවා
ඇයි මොකද එයා
නෑ නෑ දැන් එයා මෙහේ නෑ//

ඉරට එළිය අඩු උණාට
සඳට එළිය අඩු උණාට
අපිට මොටද කණාමැදිරියෝ
මදුරු තුඬට අහු ‍උණාට
ඇඟෙන් බිඳක් අඩු උණාට
නෑ නෑ නෑ නේ දෙනෙත් අඬන්නේ

තැටිය මැද්දේ කළු කරාපු...

ඉසුරු අහුරු මළු පුරාපු
අමුතු ලොවක අපි රඳාපු
සිහින සිහින නොවේ සැම දිනේ..
දිනක අපට අප පතාපු
ලොවක රජව නම් දරාපු
පෑදේ පෑදේ වාසනාවේ

තැටිය මැද්දේ කළු කරාපු...

නෑ නෑ දැන් එයා මෙහේ නෑ///


ගායනය - එම්. එස්. ප්‍රනාන්දු / එච්.ආර්. ජෝතිපාල
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - අර්නස්ට් සොයිසා

මුල් ගීතයට සවන්දීමට මෙතනට යන්න.

Comments