සතර වටින් කළු කරගෙන - සුජාතා අත්තනායක | Sathara watin kalu karagena - Sujatha Aththanayaka


සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ

එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ //
දෙතොල නැගේ සිනහා නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා

සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ

එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
දෑත දෑත එකතු උනා ප්‍රාර්ථනා ලොවේ //
නැවුම් පැතුම් සරසා හිසේ කුසුම් වරුසා
ඔබේ සෙවන සදා වසනා

සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ


ගායනය - සුජාතා අත්තනායක / ස්ටැන්ලි පීරිස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ



Nadeshwari Sujatha Attanayake

Comments

  1. මෙහි "හදේ නැගේ සුපෙම් කල්පනා" යන්න "හදේ මැවේ සුපෙම් කල්පනා" ලෙස නිවැරදි විය යුතුය. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අන්නෝන් :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...