සැණකෙළියේ සඳ එළියේ - ක්ලැරන්ස් විජේවර්ධන | Sanakeliye sanda eliye - Clarance Wijewardena


සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
ඔමරි හිනාවයි ඔමරි හිනාවයි
සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි

නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ
හිරිමල් යොවුන් විලාසේ
දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ
සමනළ ගමන් ලතාවේ

සැණකෙළියේ සඳ එළියේ...

මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
කාගෙද කවුදෝ දන්නේ
ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ
අද රෑ විනෝද වන්නේ

සැණකෙළියේ සඳ එළියේ...

නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ...

සැණකෙළියේ සඳ එළියේ...



ගායනය, සංගීතය - ක්ලැරස්න් විජේවර්ධන
ගී පද - සිරිල් ඒ සීලවිමන



Comments

  1. ක්ලැරන්ස් දැක්කමා මතක් වුනේ.. මේ ගියට අදාල නැතත් මේ මංකියන ගීය ගැයුවේ ක්ලැරන්ස්

    ඹට වසර ගනනාවකට පෙර එක්තරා ගුවන් විදුලි වැඩසටහනකදි ක්ලැරන්ගෙ ගියක් ඇහුණා

    "සරසවි උයනේ හන්තානේ"... වගේ පද පෙලක් තමයි මගේ මතකයේ තියෙන්නේ. මේ ගිය සරසවි ප්‍රේමයක් ගැන ගැයුණු ගීයක්. මේ ගිය ඔබ ලග ඇත් නම් ගී පැදුරට දාන්න. ඕඩියෝ එකක් විදියට

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නෙ මේක ගැන වෙන්න ඕන..

      http://www.youtube.com/watch?v=OhLEhB6yZn8

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...