රැලකින් තනි වී වන මැද සරනා - අබේවර්ධන බාලසූරිය | Relakin thani wee wana meda sarana - Abeywardena Balasuriya


රැලකින් තනි වී වනමැද සරනා
කැකුලු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවලක් වාගේයි
මට ඔබගේ ප්‍රේමේ . .

හබල බිඳී ගොස්
පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී
ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැලකින් තනි වී...

තුඩ තුඩ තබමින්
නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනවද
මතු බුදු වන්නට
මට දී රැකවරණා

රැලකින් තනි වී...


ගායනය - අබේවර්ධන බාලසූරිය
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - රෝහණ වීරසිංහ

Comments

  1. මගේ ජීවිතේ පුරවටම මම අහපු ආදරණීයම ප්‍රේම ගීතය.........

    ReplyDelete
  2. meke teruma pehedili katanna puluwanda kagenada kiyanne kiyala

    ReplyDelete
    Replies
    1. වෙන කවුද පෙම්වතිය හෝ බිරිඳ ගැන වෙන්න ඕන නේ... :-)

      ගීත විචාරය කරන්න මම දක්ෂයෙක් නෙවෙයි. නමුත් මේ ප්‍රශ්ණෙ ආවනිසා ආයෙමත් කියවලා බැලුවා.

      ඇතෙක් ආඩම්ඉර වෙන්නෙ දළ දෙක නිසා. ඇතා ඇතෙක් වෙන්නෙ ඒ නිසා. ඒක ඇතෙකුට වස්තුවක්. මේ කියවෙන කෙනාගෙ ආදරෙත් එහෙම එකක්.

      අනිත් පද පේළිත් ඒ විධියට විවරණය කරගන්න පුළුවන්. ඒ තරම් සංකීර්ණ නෑනෙ!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...