රනින් මාල - ග්‍රේෂන් ආනන්ද | Ranin mala - Greshan Ananda


රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නෑ
කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ
අපට කරදිය රැළි උඩින් දමන මග සලකුණු නෑ

ඔරු කඳ ලත වෙනවා මැදැළ හැනැහෙනවා
අඳුරේ පිට වෙනවා යළි උදයේ එනවා //
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...

නෙත නිදි වැරුම අපේ දහදිය කඳුළු අපේ
මසුරන් මසුන් අපේ තඹ කාසියට කැපේ //
රළු කරදිය වැල් වෙලා එළොවක සිහිනේ බලා
ඝණ අඳුරේ අප සැමදා වෙලීලා

රනින් මාල මගේ ඇඹේනියගෙ ගෙලට නෑ...


ගායනය, සංගීතය - ග්‍රේෂන් ආනන්ද
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



Comments