හීන විල මල් පිපී - ඉන්සිත් | Heena vila mal pipee - Insith



හීන විල මල් පිපී මුදාහල සිරියාව
හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොර ගාව
හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව

පිණි වැටී හිනාවෙන මල් දෙවැට අද්දරට
මගේ නෙතු පියාගෙන හිඳින්නම් එනවාද
තවත් එක වතාවක් නුඹේ සුවඳ විදගන්න
හංසියේ එනවාද ගුරුපාරේ ඇවිදින්න

තාරුකා නෙතු හරින නිහඬ රෑ මැදියමක
ඈතටම දිව ගිහින් හිත මවයි මල් හීන
නෙතු හරින එකම එක ඇසිල්ලක නුඹ පැමිණ
දිගහරී සෙනෙහසින් මගේ සමනළ මතක


හීන විල මල් පිපී මුදාහල සිරියාව
හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොර ගාව
හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව


ගායනය - ඉන්සිත්, insyth
සංගිතය - කසුන් කල්හාර
ගී පද - වගීෂා රන්සිමාලි

Comments