දෙගොඩ තලා ගඟ ගලා - ටී.එම්.ජයරත්න | Degoda thala ganga gala - TM Jayarathna


දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//

මේ ගඟ ගලා ගියේ
අපි පුංචි ළමුන් දවසේ
ඇගෙ දෙපා පවා ආදරෙන් දොවා
ආදර ඒ ගඟ නෑ අද නෑ

දෙගොඩ තලා ගඟ ගලා...

මේ ඔරු කඳේ නැගී
බොර පාට දියේ තනිවී
මා මෙහා ඉමේ ඈ එහා ඉමේ
බාධක මේ ගඟ තාම ගලයි

දෙගොඩ තලා ගඟ ගලා
මෙගොඩ ගොඩේ ඈ හිඳී
තොටුපලේ ගං ඉවුරේ
මා තනිවම මද අඳුරේ//

මා තනිවම මද අඳුරේ///


ගායනය - ටී. එම්. ජයරත්න
ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගිතය - ක්ලැරන්ස් විජේවර්ධන

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...