දැල්වූ පහන් - ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා | Dalwoo pahan - Lakshman Wijesekara, Chandralekha Perera



දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

විරහී හඳින් ගලන දුක් වේදනාවන්
සිහිලැල් පවන් රැල්ලකින් සංසිදේවා
නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්
පෙම්වත් ලොවක් අරුණු අහසේ දිසේවා

දැල්වූ පහන් දැල්වී තිබේවා
සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
ළං වූ ලවන් හමු වී තිබේවා
වෙන් වූ නුවන් කඳුලින් මිදේවා

ගායනය - ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

“රේඛා“ ටෙලිනාට්‍යයේ ගීතයක්

Comments