අනන්තයට මා ඉගිලෙන - ශ්‍රීමතී තිලකරත්න | Ananthayata ma igilena - Shrimathi Thilakarathna


අනන්තයට මා ඉගිලෙන
ඔබේ සිතුම් රේඛාවේ
අනාගතය ලියා තබමි
ඈත සොඳුරු ආකාසේ
ඈත සොඳුරු ආකාසේ //

චන්දන සුවඳින් නැහැවී
හිමගත වන අරණ තුළින් //
ඔබ මෙහි එන සිහින වලා
ඉහට උඩින් ඇත ඉසලා

අනන්තයට මා ඉගිලෙන...

සතුටු සුවය තුරුළු කරන්
නිධානයක රුවන් දොරින් //
හෙට අළුයම මගෙ කුටියට
එනු මැන තනිකම පිසදා

අනන්තයට මා ඉගිලෙන... //


ගායනය - ශ්‍රීමතී තිලකරත්න
ගි පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

Comments

  1. ගායනයත් පද රචනයත් අතිවිශිෂ්ටයි.....!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...