ඔබ තරම් - තීක්ෂණ අනුරාධ | Oba tharam - Theekshana Anuradha


ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...

රැය පුරා ඉකි ගසා රතට හැරී දෙනුවන් හොරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට... වෙන්නම්...

තනි වෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවි පුරා විඳවමී අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට... වෙන්නම්...

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...


ගායනය - තීක්ෂණ අනුරාධ
ගී පද - ඩිලාන් ගමගේ
සංගීතය - රදේෂ් වැන්දබෝනා

Comments

  1. ඔබලා කරන්නේ විශිෂ්ට කර්තව්‍යක්.මාගේ බ්ලොග් එකේ ගිටාර් කෝඩ්ස් දැමීමේදි සිංහල යුනිකෝඩ් වලින් ලියවුනු පද සොයා ගන්න මම නිතරම ඔබගේ බ්ලොග් එකට එනවා.දිගටම කරගෙන යන්න.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...