කන්තෝරුව - ඇන්ටන් ජෝන්ස් | kanthoruwa - anton johns


කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන


මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා
මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා

මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ
කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ


කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...


පාටියකට යන්නට මට හිතුනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්

පැනල ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට
බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට


කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...


පඩි දින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපොල බලා
දහවල් කෑමට යන්නට සිදු වෙලා

කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා
එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා


කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන...



ඇන්ටන් ජෝන්ස්

Comments

  1. හරේ..

    සැබැ රස වින්දනයෙදි සීමා මායිම් නෑ කියන්නෙ මේ වෙලාවට තමා. බයිලද, වේගරිද්මද, වෙනසක් නෑ අවශ්‍ය රසය සහ විනෝදාස්වාදය තුළින් රසික මනස සතුටු කිරිමයි.

    කාලෙකින් අහපු ගීයක්. ඉස්සර සැබෑ සිද්ධි කියලා කැසට් ගනන් ආවා. ඇන්ටන්ගෙ සිංදු කොහොමත් ලස්නයි. ඒකාලෙ ප්‍රසංග වේදිකාවෙ නැතිවම බැරි තරුවක්.

    දැන්නම් අංශබාභ රෝගයට ගොදුරුවෙලා බොහොම අසරණයි.

    ReplyDelete
    Replies
    1. ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ වරතමානෙ පින්තූරයක් දැකල මටත් සෑහෙන්න දුක හිතුණා.

      එතුමාගෙ සින්දු වල තියෙන සැබෑ සිදුවීම් බොහොමයක් ගැන මම දැනගත්තෙත් ඒ සින්දු වලින්. දුක දැණෙන සිදුවීම් බයිලා තාලයට ගැයෙන එක ගැන මට ඒ තරම් පැහැදීමක් නෑ. නමුත් සිදුවීමේ ස්වභාවය අමතක කරල රස විඳින්න පුළුවන් සින්දු ගණනාවක්ම එතුමා ගයල තියෙනවා.

      Delete
  2. 1960 දශකෙ ඉදන් තිෙයන සින්දු ඉතා මිහිරියි. රැප් කරල අහුවන්න ඒපාග අඩු කඩනව

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...