එක මොහොතක් - මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ | Eka mohothak - Mervin Perera, Amitha Wedisinghe



එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්//

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි//
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි//
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි

එක මොහොතක්...//

පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා

එක මොහොතක්...//


ගායනය - මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ (දළුගම)
තනුව - මර්වින් පෙරේරා
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



Comments