ආඩම්බර සඳ - කසුන් කල්හාර | Adambara sanda - Kasun Kalhara


ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ

කෞමතී මලක් යහනට එවන්නේ කවදද//

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා...
ඕ.... හොඕ...
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා....

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා...
පිණි කඳුලක් තබා හොරෙන්
උදේම පිටමං වෙලා...

ආඩම්බර සඳ සිරියහනට වැද...


ගායනය - කසුන් කල්හාර
සංගීතය - කසුන් කල්හාර
ගී පද - විජිත් කණුගල

මේ ගීතයේ මුල් පිටපතක් හොයාගන්න බැරි වුණා. නමුත් ගී පැදුරට ලියන්න තරම්ම සම්පූර්ණ ගීතයටම බැඳුණ නිසා ලිව්වා. හොඳ පිටපතක් තියෙන කෙනෙක් ඉන්නවනම් සබැඳියක් ලබාදෙන්න.

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...