මාරම්බරී - එඩ්වඩ් ජයකොඩි | Marambari - Edward Jayakodi


මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
හිතේ භෘංග සේනා කිපී...
ආ..... ආ..... ආ......
හිතේ භෘංග සේනා කිපී රොන් මතින්
සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්
සනසාලනූ ඒ පිපාසා...

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
ප නි ස රි
ප නි ස ග
නි ස ග ප නි ස නි ප ග ස නි
ප නි රි ස ස ග
ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි
ම ග ස නි
ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්
නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්
රශ්මි දෙවා චන්ද්‍රයා සේ...

මාරම්බරී
කෝල වී පෑ මුවේ මන්දහාසේ
මන ලෝල වේ උන්මාද වී
මා හදා සෑම දා පුණ්‍යවන්තී
මාරම්බරී


ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - කරුණාදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ


Comments

  1. මාරම්බරී ගිතය ලියැවුනේ පූර්ව නිර්මාණය කළ ගි තනුවකට තනුවකට වචන යෙදු උච්ඡතම අවස්ථාවක් ලෙස මේ ගිය හඳුන්වන්න පුළුවන්.

    ගිතය ගසල් ගීයක්.

    මාරම්බරී වචනය හැදුන හැටිත් කියල දෙන්නම්. මා+ රම්බරී ( මගේ රම්බරී)යන අර්ථයෙන් තමයි යොදා තියෙන්නේ. රම්බරී කියන්නේ දිව්‍යාංගනාවන් අතර වඩාත් රූමත්ම දෙවඟන වූ රම්බා දේවියයි.පිරිමියෙකු විසින් කරන ආදරණීය ආමන්ත්‍රණයක් ලෙස " රම්බා දේවියට" මා රම්බරී යනුවෙන් යෙදුවා. එහි පසුබිම එයයි.

    ඒත් "රම්බරි කියපන් නුඹෙ නොම්බරේ" වගේ ගියක තේරුම නොදැන "රම්බරි" කියන වචන අමු අමුවේ කොපි කරලා ඒ ගීය ලියල තියෙනවා. "මාරම්බරි" ගීයේ එන ඒ වචනය තනිකරම ඒක කුමාරදාස සපුතන්ත්‍රී විසින් නිර්මාණය කරගන්නා ලද වචනයක්.

    ReplyDelete
    Replies
    1. මේ ගීතය ගැන ගොඩක් දේ දැන ගත්ත බොහොම ස්තූතියි.

      Delete
    2. MagmaBari geetaye raga pasubima terum Karala denne puluwanda

      Delete
    3. MagmaBari geetaye raga pasubima terum Karala denne puluwanda

      Delete
    4. Thilakkamod raag

      Delete
  2. මාත් ඉතාම ආස ගීතයක්........!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...