ඉලන්දාරියෝ - සංඛ දිනෙත් සමඟින් ගයනි මධූෂා | illandariyo - Sanka Dineth with Gayani Madhusha



පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා..
සමනල තටු සලා සෙමින් හිත ඉඟිලගියා..
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා...
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...//

හිනාසෙන් එපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා..
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා..
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...
මට මා ගැන අමතකවුනු දවස් වැඩි වුනා...

පුංචි වතේ රංචු ගැහෙන....//

හිත රිදවන කතා ගොතා කියන්නට එපා...
මගේ කඳුළු මට වැඩි නැ සිඹින්නට එපා...
අහසින් තරු කඩා වැටී හිතන්නට එපා..
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා..
ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...

පුංචි වතේ රංචු ගැහෙන....//

ගායනය : සංඛ දිනෙත් සමඟින් ගයනි මධූෂා
පද රචනය : සමන් එදිරිමුනි
සංගීතය : තිලිණ රුහුණගේ


Comments

  1. අද තමයි මේ ගිය පළමුවතාවට ඇහුවේ. මේදවස්වග තිළිණ රුහුණගේ සංගිත කරළියේ වැඩ පෙන්වන තරුණයෙක්. හොඳහැකියාවක් පෙන්වනවා.

    ReplyDelete
  2. ඇත්ත සහෝ...ගීතයේ පොඩි කොටසකටත් තිලිණ රුහුණගේ ගායනයෙන් සහයෝගය දක්වනවා..ඒ වගේමයි පද රචනය කරපු සමන් එදිරිමුනි, තරුණයා පුවත් පතේ ඉතා ජනප්‍රිය පෞද්ගලිකව මමත් ගොඩක් කැමති රචකයෙක්..
    අද කාලෙට ගැලපෙන හොද සංයෝජනයක්..

    ReplyDelete
  3. පුංචි වදේ නෙවෙයි, පුංචි වතේ රංචු ගැසෙන හීන මල් සොයා නේද

    ReplyDelete
    Replies
    1. නියමයි! නිවැරදි කලා

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...