මන්දාරම් අහස අගට - කෞෂල්‍යා ප්‍රනාන්දු | Mandaram Ahasa agata - Kaushalya Fernando


මන්දාරම් අහස අගට
දේදුන්නක් ඇන්දේ කවුද
කාටවත්ම මං කියන්නෙ නෑ
නෑ නෑ නෑ...

මේ ජීවිතය කාගෙද
ඔබ මෙහි ජීවත් වෙනවද
මම අහන්නෙ නෑ
නෑ නෑ නෑ...

මේ ජීවිතේ මගේද
මේ සෙනෙහසින් කියනවද
මට අහන්න බෑ
බෑ බෑ බෑ...

අහිමි මතකය සිහිකරන්නට
අපි ආයෙත් හමුවෙනවද
මට අහන්න බෑ
බෑ බෑ බෑ...

ඔයා මගේද මං ඔයාගෙද
මට අහන්න
කිසිම ඉඩක් නෑ
නෑ නෑ නෑ....

මන්දාරම් අහස අගට
දේදුන්නක් ඇන්දේ කවුද
කාටවත්ම මං කියන්නෙ නෑ
නෑ නෑ නෑ...


ගායනය - කෞෂල්‍යා ප්‍රනාන්දු
සංගීතය - අජිත් කුමාරසිරි
ගී පද - කාවින්ද්‍යා ජයසේකර


Comments

  1. කෞශල්‍යා සින්දු කියනව කියලා මම අදනෙ දන්නෙ?

    ReplyDelete
  2. කියනවා නම් මදෑ... අපි ඒක ලයිව් බැලුවත් එක්ක :D

    ReplyDelete
  3. කලින් නාට්‍ය කීපයක නම් කෞෂල්‍යා සිංදු කිව්ව මතකයි...ස්තූතියි ඔබට...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...