ළඟින් මගේ ඔබ සතපා - චන්ද්‍රලේඛා පෙරේරා | Langin mage oba sathapa - Chandralekha Perera


ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ..//

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
ඔබේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා..
හදින් මගේ කතා කළා..

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ..
මගේ ආදරේ..

ළඟින් මගේ ඔබ සතපා..
හදින් මගේ කතා කළා..

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ සිතට
පුදා ආදරේ
ඔබේ ආදරේ

අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බලා
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ

හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය - රූකාන්ත ගුණතිලක



වීඩියෝව ගත්තෙ - SI VIDEOS

Comments