පෙනෙන නොපෙනෙන - ආත්මා ලියනගේ | Penena nopenena - Aathma Liyanage


පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

පෙනෙන නොපෙනෙන...

ගායනය - ආත්මා ලියනගේ
පද රචනය - රකිත වාකිෂ්ට
සංගීතය - තිලිණ රුහුණගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Mahesha Neranjana

Comments

  1. මේ ගීය ඇහුව පොඩි වෙනසකට හැදුන ගීයක්. මට හිතෙන්නෙ සංගීතයේ තමයි ඒ වෙනස තියෙන්නෙ. ලස්සන ගීයක්

    ReplyDelete
  2. තමන්ගෙන් වෙන්වෙලා ගිය ආදරණිය පෙම්වතිය කාලෙකට පස්සෙ ආයෙත් ජීවිතේට ලං උනත් අඳුරු හෙවනැල්ලකින් තම ජීවිතේ වෙලාගෙන ඉන්න පෙම්වතියක් හා සදාදර ආදරවන්තයෙක් ගැන කියන ලස්සන ගීතයක්......

    welcome back Aathma.

    ReplyDelete
  3. @ දයානන්ද රත්නායක: ඇත්ත ඒ සංගීතයත් එක්ක මුසුවුන ආත්මාගේ කටහඩ කාලෙකින් අපේ දෙසවන් වලට ඇහෙද්දී ගීය කොහොමත් හිතේ රැදෙනවා..ස්තූතියි අදහසට

    @ gladiator: ගීය මුලින්ම අහන්න ලබාදුන්නාට ග්ලැඩියේටර් සහෝට ස්තූතියිවන්ත වෙනවා, මෙතරම් ඉක්මනින් පැදුරට එක්වුනෙත් ඒ හින්දාමයි.ඒවගේම මුලින් දුන් විචාරයෙත් හොද අදහසක් එකතු වෙලා තියනවා කියල හිතෙනවා..ස්තූතියි සහෝ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...