වෙන්වී දැන් යන්න ඉතින් - චාමික සිරිමාන්න | Wen Wee Dan - Chamika Sirimanna - sinhala lyrics


වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේ නම්
කීරිගැහී හඩන සුසුම් - ඉවසුම් නෑ මේ පපුවට දැන්
මා වෙනුවෙන් මැවුව සෙනේ - රහසේම කාටද පුදා....
වෙන්වී දැන් යන්න ඉතින් - වෙන්වී යන්නම ඕනේනම්...

මගෙ සිහිනේ ඉඩඉල්ලා - පෙරදා ඔබමයි පියමැන්නේ
පෙම් පහසේ වෙලී ඉදලා - කෙලෙසද අද මා හැර යන්නේ..
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...

පෙම් සිහිනේ දුක රන්දා - ගියාට කම් නැ සතුට සොයා..
මගෙ සෙනෙහේ සිහිවේ නම් - කවදා හෝ යලි එන්න සොයා..
සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...

වෙන්වී දැන් යන්න ඉතින්...//

ගායනය : චාමික සිරිමාන්න
සංගීතය : රධීෂ් වැන්දබෝනා
පද රචනය : ඩිලාන් ගමගේ

Comments