නාමල් ආයේ පිපුණාවේ - ක්ලැරන්ස් විජේවර්ධන | Namal aye pipunawe - Clarance Wijewardena - sinhala lyrics


නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ
නෑ මං ආයේ විමසන්නේ

සිත ගත දෙක සනසාලා
මගෙන් වෙන්වීලා
කෙනෙක් සනසාලා
මගෙ පාමුල වැඳ වැටිලා
ඔබ කීවත් නෑ කියලා
නෑ මං ආයේ පිළිගන්නේ
නාමල් ආයේ පිපුණාවේ

දුක සැප දෙක මගේ ජීවේ
දරන්නට ආවේ
ඔබයි සැනසූවේ
මගෙ ආදර සිහිනය වී
ඔබ‍ගේ රුව ඇත බොඳවී
නෑ මං ආයේ විමසන්නේ
නාමල් ආයේ පිපුණාවේ

ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා
නාමල් ආයේ පිපුණාවේ


ගායනය, තනුව, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන


Comments