මුදු කෝමල ගෑනු ළමයිනේ - නලින් පෙරේරා | Mudu komala genu lamaine - Nalin Perera - Marians - sinhala lyrics


මුදු කෝමල ගෑනු ළමයිනේ
එක රෑනේ මග වඩිනා
යුග ගීයට පේලි අඩුයිනේ
දෙනවාදෝ පද රචනා
දෙනවාදෝ පද රචනා

කාගේ කවුරුන්ද මා හා බැ‍ඳෙන්නේ
තාරකා නෙත් අයා...//

අහසෙ සමනල්ලූ ආවාට පියඹා
දෙන්නෙපා මල් කඩා
දෙන්නෙපා මල් කඩා

මුදු කෝමල ගෑනු ළමයිනේ...

තාම නොයිදුල්ය මේ ගීත රාවේ
වේදිකා නෑ තනා....//

කාට පවසන්ද මා දැක්ක සිහිනේ
පේ‍්‍රමයේ කල්පනා
පේ‍්‍රමයේ කල්පනා

මුදු කෝමල ගෑනු ළමයිනේ...//


ගායනය - නලින් පෙරේරා, මේරියන්ස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ




Comments