සඳ මල පිබිදුනු - නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ | Sanda mala pibidunu - Nanda Malini, Sunil Edirisinghe



සඳ මල පිබිදුනු නිල් කදුරැල්ලක
රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක
හසරැල් කැල්මක දුක් කදුරැල්ලක
තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක..

හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී
සිනා පොදක් වෙන්නම්..
සිනා නගන විට පැතුමන් දැල්වී
කදුලින් සුරකින්නම්..
‍‍
සඳ මල පිබිදුනු...//

වියෝ දුකට සුසුමට මග අහුරා
හදේ ලැගුම් ගන්නම්..
රැදී නිබඳ පන නල මෙන් දැවටී
දිවි ඇති තුරු ඉන්නම්..

සඳ මල පිබිදුනු...//

ගායනය - නන්දා මාලිනී සමගින් සුනිල් එදිරිසිංහ
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - රෝහණ වීරසිංහ

Comments