දෑස් අග පිපී දිලිසෙන - සේනානායක වේරලියද්ද | Das aga pipi dilisena - Senanayaka Weraliyadda


දෑස් අග පිපී දිලිසෙන
කඳුළු කැට වලට නොදැනෙන
හීනයක් වගේ ලස්සන... ආදරේ සොයා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්...
පාරමී පුරා සසරක
ඇවිද එන ඔබේ පසු පස
සුළඟ සේ වෙලී සනසමි... ආදරේ කියා
හ්ම්... හ්ම්... හ්ම්... හ්ම්... //

ඉස්සරත් දෙනෙත් රැවටූ රත්තරන් පාට හීනේ
අදත් දකින්නට ආසයි හිඳිමි නෙත් පියා
ආකහේ දුරින් හිඳගෙන සීතලේ ගැහෙන තරුවක
ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
ජීවිතේ සතුට තවරමි ඔබ මගේ නිසා
ඔබ මගේ නිසා

දෑස් අග පිපී දිලිසෙන...

අදත් ආකහේ දුරකින් හැංගිලා බලයි පුර හඳ
ඒ ඔබයි බලා සැනසුණු අතීතේ කතා
ඈතකට ගිහින් හැංගෙයි ඔබ මගේ ළඟින් හිනැහෙයි
ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
ඉන්න ළඟ ඉන්න සෙනෙහස සදාකල් නිසා
සදාකල් නිසා

දෑස් අග පිපී දිලිසෙන...


ගායනය සහ සංගීතය - සේනානායක වේරලියද්ද
ගී පද - සුනෙත්‍රා තුෂාරි ඩයස්
අහන්න - දෑස් අග පිපී දිලිසෙන

Comments

  1. මේ සින්දුව නම් මම ආසම එකක්...ස්තුතියි ඔබට

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...