සිතුම් පැතුම් පොදි ආදරේ - මිල්ටන් මල්ලවආරච්චි | Sithum Pathu podi - Milton Mallawarachchi


සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකින් කියන්න
බැරි තරමේ...

නිලුපුල් දෙනුවන් දැකගන්නයි
සුවඳැල් මුහුලස සිපගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි
සිහිලැල් වදනින් සැනසෙන්නයි...

සිතුම් පැතුම් පොදි...//

ලියගොමු වියැලී මල් පරවී
අතුකොළ වැහැරී බිම වැටිලා
ඔබ ගිය වග සරණෙක බැඳිලා
කවුද කියයි මට කොඳුරාලා...

සිතුම් පැතුම් පොදි...//


ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - එම්.කේ. රොක්සාමි
ගී පද - කරුණාරත්න අබේසේකර

Comments