ඔබට වරම් නැති - කරුණාරත්න දිවුල්ගනේ | Obata waram nethi - Karunarathna Divulgane


ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ...

ඔබට වරම් නැති...//

ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවී..
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ...

ඔබට වරම් නැති...//

ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රංජිත් රූපසිංහ
සංගීතය : නාලක අංජන කුමාර



Comments

  1. හොඳ වැඩක්. ඔබට ස්තුතියි.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...