සංසාර සාගරේ - නන්දා මාලිනී  | Sansara sagare - Nanda Malini - sinhala lyrics


සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙම්..
ඔබ නිසා පදවන්නෙමි..

ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න
නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න...

සංසාර සාගරේ...//

වෙරළවෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී...
දුර්ග වූ ගමන්මඟ - විඩාගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න - මා සමඟ එක්වන්න

සංසාර සාගරේ...//

ගායනය - නන්දා මාලිනී
සංගීතය - සරත් දසනායක
ගී පද - සුනිල් ආරියරත්න



වීඩියෝව ගත්තේ - Ranil Mudunkotuwa

Comments