සිංහල සිංදු කියන - ගුණදාස කපුගේ | Sinhala sindu kiyana - Gunadasa Kapuge


සිංහල සිංදු කියන
නළලේ තිලක තියන කිරිල්ලී...
තුඩින් හදවතක් අරගෙන
ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී...

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශීවී..
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී..
මධුසමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී...

සිංහල සිංදු කියන...//

ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු
විහඟ සෙනග අඩාවී..
ඒ කදුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී..
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී..

සිංහල සිංදු කියන...//

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


Comments

  1. නඩේෂන්ගේ වයිෆ්ට ලියපු සින්දුව නේද?ලස්සනයි..

    ReplyDelete
  2. @ වර්ෂා : හ්ම්...සිංදුව ගැන ටිකක් හොයල තියනවා වගේ...නොදන්න අයටත් කෙටියෙන් දෙන්න පුළුවන්නම් අගෙයි...ස්තූතියි අදහසට..

    ReplyDelete
  3. තුඩින් හදවතක් අරගෙන ....වෙන්න ඕන නේද?

    ReplyDelete
  4. මම මේ සිංදුව නඩේසන් ගේ සිංහල බිරිඳට කිව්වා කියලා දැනගත්තේ පත්තරයක තිබිලා. 2000-2001 සටන් විරාම, සාම සාකච්ඡා සමයේ සිංහල මාධයවේදි යොත් යාපනයට ගියා නේ. එතකොට එහෙම ගිය සිංහල පුවත්පත් කරුවෙක් නඩේසන් ගෙන් මේ ගැන අහලා තියෙනවා.
    එතකොට නඩේසන් අහලා තියෙනවා , අපිට බැනලා ද තියෙන්නේ කියලා? එතකොට පුවත්පත් වේදියා කියලා තියෙනවා හපෝ නෑ ඕගොල්ලන් ගේ ආදරය ගැනයි කියලා. එතකොට නඩේසන් කියලා තියෙනවා එයා ඒක ගෙන්න ගෙන අහනවා කියලා.
    පස්සේ මාධ්ය කරුවාට කියලා තියෙනවා, නඩේසන් ඒක ගෙන්න ගෙන ඇහුවා කියලා....

    ReplyDelete
  5. මිදිගම අාරියසේනJanuary 30, 2014 at 2:24 PM

    රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අපූරු පදවැලග ස්තුතියි !

    ReplyDelete
  6. අවුලක් නෑ ඒල ඒල...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...