පොල්රුප්පාවේ - චන්දන ලියනආරච්චි | Pol ruppawe - Chandana Liyanarachchi


පොල්රුප්පාවේ දඟකල සෙල්ලම් ‍
සුළ‍‍ඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන්සැරේ ඔබ මා අමතක කරදා..
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

රෑ රැහැයි හ‍‍ඬේ දුක් ගීත රාවයේ..//
සවනේ..වැකුනේ..ගොළුවූ හඬක් ලෙසින්
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල්වේ හද සෙනෙහෙ පැතුම්..

ඈත ගුරු පාරේ පියමන් සලා යන්නේ..//
කඳුලින්..පිරිලා..දෙනුවන් වැසී යාදෝ
මායාවක් දෝ බැදුණු සිතුම්
ගිණිදැල් වේ හද සෙනෙහෙ පැතුම්..

පොල්රුප්පාවේ...//


ගායනය - චන්දන ලියනආරච්චි
සංගීතය - නිහාල් ගම්හේවා
ගී පද - නිහාල් ගම්හේවා

Comments