සපුමල් සුවඳ වගේ - අමරසිරි පීරිස්, ඉන්දිකා උපමාලි | Sapumal suwanda wage - Amarasiri Peiris, Indika Upamali



සපුමල් සුවඳ වගේ..
හොරෙන් හොරෙන් හොරෙන් ඇවිදින්..
මේ පාළු රෑ යාමේ..
හෙමින් හෙමින් හෙමින් හෙමින් ඇවිදින්..

පිය නගමු අපි
තරු හිනැහෙන හෝරාවේ
බොහෝ..ගිණි ඇවිලී
පාළු කිපෙනා නුඹේ වත මඬලේ..

අප හැඬූ තරම් ලොව නැහැ දන්නේ...//
සඳ බලා හිදී..//
අපේ සුසුම් ඉවසනු බැරිවී..

සඳ අහිංසකයි නොවැ අපි වාගේ..//
හෙමින් හෙමින් ඇවිදින් පියනගමු අපි
හදේ හිරු ඇහැරී ගිණි බිදී ලොව
කළඹවා රහසේ...
ම්ම්ම්...ම්....ම්...
කටු වැටට උඩින් පිය නගමු අපි
සත්සියක් අරවින්ද හිනැහේවී
ම්..ම්....ම්....ම්.....
හ්ම්...ම්...ම්.......

ගායනය - අමරසිරි පීරිස් සමඟින් ඉන්දිකා උපමාලි
තනුව - සමන්ත පෙරේරා
පද - උපුල් ශාන්ත සන්නස්ගල


Comments