ලොවම එපා වී - නන්දා මාලිනී  | Lowama epa wee - Nanda Malini - sinhala lyrics


ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..

අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැලි වේ

ලොවම එපාවී...//

ලබා නොමිනිසුන් නගනා ගෙරහුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළුගැන්වුනු සිත උණුසුම් වේ...

ලොවම එපාවී...//


ගායනය: විශාරද නන්දා මාලිනී
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: මර්වින් පෙරේරා

Comments

  1. ආදරයේ අරුත නේද... ගීත ගැන කතිකා කරන්න එකතු වෙන්න අපේ සමුහය සමග

    https://www.facebook.com/groups/geethayaka/

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...