දෛවයෝගයකින් - වික්ටර් රත්නායක | Daiwayogayakin - Victor Rathnayaka


දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි

දෛවයෝගයකින්...

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි

දෛවයෝගයකින්...

පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: වික්ටර් රත්නායක

Comments

  1. http://www.mediafire.com/?z2ttwjzvkcq

    ReplyDelete
  2. ඒ වචන වල වේදනාව දැනෙන තරම
    ආදරය දුකක් වේදනාවක් කියලා හිතෙන තරමට දරාගන්න බැරි දෙයක්. හැම හුස්ම ගන්න මනුස්සයෙක්ටම ඒ වේදනාව හිමියි…..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...