රටා තියලා - රෝස් අලගියවන්න | Rataa thiyala - Rose Alagiyawanna - sinhala lyrics



රටා තියලා ඇමදපු මගෙ හිත් මළුවේ
අපිළිවෙලට සක්මන් කළ සුදු මැණිකේ
යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ
තාමත් හැඩිවෙලා මගේ හිත වැළපේ //

නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා
ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා
අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා
තුරුනු හිතට තනිකම ගැන දුක හිතුණා

රටා තියලා...

පණ තර්මට පෙම් කළ උඹ කෝ කියලා
අසයි සරදමට මිනිසුන් ඉඳහිටලා
අපේ මතක රැදවුණු තැන් අතහැරලා
යන්න හිතෙනවා මට ගම රට දාලා

රටා තියලා...

ගායනය - රෝස් අලගියවන්න




වීඩියෝව ගත්තෙ මෙතනින් - Music function

Comments

  1. මං හිතුවේ ඔච්චර කල් කිංස්ලි කියනවා කියලා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...