පාරමිතා නොපුරමු අප දෙදෙනා - ශෂිකා නිසංසලා | Paramitha nopuramu api denna - Shashika Nisansala


පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මහු සංසාරේ
පන සිනා සුළගට විසිකරමු
හමුවෙන හැම වාරේ //

කදුළු වලින් දියවී යනවානම්
අවිහිංසක රූපේ
දොරගලනතුරු කදුළු හලනම්
ඔබමට නොපෙනෙන සේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා...

මට ඔබ ඔබ මට පෙම් කල තරමට
වෙන්වී යන්නට බැරි
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අප දෙදෙනා...

පද රචනය: ලලිත් වසන්ත
සංගීතය: ජයසිරි අමරසේකර
ගායනය: ශෂිකා නිසංසලා

Comments