පෙර දිනයක මා - ඩබ්ලිව්. ඩී. අමරදේව | Pera Dinayaka Ma - W.D.Amaradewa - sinhala lyrics


පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා...//

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා..
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා..

පෙර දිනයක මා...

හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා..
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
කෙමෙන් මැකී යනවා..
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා..
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා..

පෙර දිනයක මා..

ගායනය: ඩබ්ලිව්.ඩී.අමරදේව
පද රචනය: සුනිල් සරත් පෙරේරා
සංගීතය: ඩබ්ලිව්.ඩී.අමරදේව

Comments