සුවඳ රෝස මල් කැකුළී - නිමල් රංජිත් | Suwada Rosa Mal Kekuli - Nimal Ranjith - sinhala lyrics



සුවඳ රෝස මල් කැකුළී
ඔය සුවඳට සිත බැදුනී
දුරට වෙලා ඉන්න බෑ තවත්
ලඟට ඇවිත් සිප ගන්නට දෙන්න මට ඉඩක් //

හමන සීත සැඩ සුළඟට පෙති හැකිලේවීදෝ බයයි //
මටත් කලින් වෙන බඹරෙක් රොන් ගෙනයයිදෝ සැකයි

සුවඳ රෝස මල් කැකුළී...

පමා වුණොත් ඔබ වැලපෙයි සිප ගන්නට මට නොමවෙයි //
අහිමි නොවූ සිනාසෙන්න මේ සිත ඔබ ලඟම තමයි

සුවඳ රෝස මල් කැකිළී...

ගායනය - නිමල් රංජිත්
සංගීතය - රොෂාන් ප්‍රනාන්දු
ගී පද - චරිත් සේනාධීර





වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimroka Creation

Comments